Saturday, April 10, 2021

සිංගප්පූරුව දියුණු රටක් වූයේ කෙසේද ? 1වන කොටස



ලී ක්වාන් යූ හා සිංගප්පූරුව - ලිපි අංක 1

සිංගප්පූරුව මලයා අර්ධද්වීපයේ දකුණු කෙලවරේ පිහිටි සමකයට කි.මි 137 ක් උතුරින් පිහිටි අග්නිදිග ආසියාතික රටකි.මෙහි දූපත් 63ක් ඇත. වර්තමානයේ මෙය අතිශයින් දියුණු ස්වාධීන රාජ්‍යකි. 


මීට අවුරුදු 200 කට ප්‍රතම මෙය වනගහනය අධික දූපතක් විය. එහෙත් මෙය වර්තමානයේ ආසියාවේ ප්‍රමුඛ පෙලේ ධනවත් රටකි. මෙය ස්වාභාවික සම්පත් හෝ සරු පොලොවක් හෝ නොමැති රටකි. මැලේ පුරාවෘත අනුව 1299 දී  සැන් නිලා උ


ටාම නමැති ශ්‍රී විජය පාලකයකු ඔහුගේ පිරිසක් සමග ටෙමාසෙක් නම් දූපතකට ගොස් ඇත. ඔහු එම දිවයිනේ දඩයම් චාරිකාවක යෙදී සිටියදී  ඔහු සිංහයෙක් වැනි සතකු දැක ඇත. මේ නිසා ඔහු එම දිවයිනේ ස්ථානගත වී එයට සිංහපුර (singapura) නොහොත් සිංහ නගරය ලෙස නම් කොට ඇත. 

දශයකට පමණ පසුව සිංහපුර රාජධානිය සාර්ථක වරාය නගරයක් බවට පත් විය.  එය රජවරු පස් දෙනෙක් විසින් පාලනය වී ඇත. එහෙත් 1398 දී එම රාජ්‍යය සම්පූර්ණයෙන් ගිණිබත් විය. වර්තමාන කැනීම් කටයුතු මගින් සොයා ගෙන ඇති දත්ත මෙම පුරාවෘත කතා සත්‍යක් වීමට පදනමක් ලෙස ගැනිය හැක.  තවද මෙම කැනීම් වලින් සිංගප්පූරුව සාර්ථක ලෙස චීනය වැනි රටවල් සමග විදේශ වෙළෙඳ කටයුතු වල නිරත වී ඇති බව සොයාගෙන ඇත. 


පසුව වෙනස් වූ සංසිද්ධීන් හා මෙහි ඇති වටිනාකම තේරුම්ගත් බ්‍රිතාන්‍ය මෙය ඉංග්‍රීසි කොලනියක් බවට පත් කරගත්තේය. 

දෙවන ලෝක යුධ සමයේ ජපානය විසින් ප්‍රහාර එල්ල කර අවුරුද්දු 3ක් පමණ ජපානය යටතේ පත්වී තිබිණි. දෙවන ලෝක යුද්ධයේ අවසානයේදී සිංගප්පූරුව නිදහස ලබා ගනු ලැබිණි. පසුව එය යලිත් බ්‍රිතාන්‍යයේ ආරක්ෂාව හා පාලනය යටතට පත් විය. යුද්ධයෙන් පසුව සිංගප්පූරුව ස්ව පාලනය කොලනියක් විය. 

1959 දී සිංගප්පූරුව ස්වකී රජයක් පිහිටුවා ගනු ලැබිණි. පසුව ලී ක්වාන් යු නිල චන්දයෙන් පාලකයා බවට පත් විය.

දියුණු සිංගප්පූරුවේ  නිර්මාතෘවරයා ලෙසද දැඩි ගෞරවයකින් මොහුව හඳුන්වාදිය හැකිය . සිංගප්පූරුව වර්තමානයේ මෙම තත්වයට පත් වීමට ඔහුගේ පාලනය මූලික කරුණක් විය. 

මේ වන විට රටේ ජනයා විරැකියාවෙන් පෙලෙමින් සිට ඇත. රටේ ආර්ථිකයද පසුබෑමකට පත් වී තිබිණි. ලී ක්වාන් යු ගේ පාලන තන්ත්‍රය හා ඔහුගේ නායකත්වය සිංගප්පූරුවේ හැරවුම් ලක්ශය බවට පත් වූ අයුරු මීළඟ ලිපියෙන් ඔබට ගෙන ඒමට බලාපොරොත්තු වෙමි. 


No comments:

Post a Comment