Sunday, January 3, 2021

මරණයෙන් පසු ජීවීතය ගැන හෙළිදරව්ව

 


මෙහි ඇතුළත්  සියල්ල විදෙස් රටවල ගවේශකයන් සොයා ගත් කරුණු හා මරණාසන්න අත්දැකීම ලබපු අයගේ අත්දැකීම් ය. 

මරණය කාටත් පොදු ධර්මතාවකි, එය නැවත්විය නොහැක, එහෙත් මරණයට පත්වන වේලාව , දිනය , කාලය වෙනස් කළ හැක. සියල්ලට මුල් වන්නේ මනසයි. 


මරණාසන්න අද්දැකීම් , Near Death Experience නොහොත් NDE යනු කෙනෙක් මරණයට පත් වන අවස්ථාවේ මරණය හා ජීවිතය අතර දෝලනය වන කාල පරිච්චේදය ලෙස අර්ථ දැක්විය හැක. බොහෝ මිනිසුන් අධික ජීවිත හානියකට ලක් වූ අවස්තාවල මෙසේ අද්දැකීම් ලබා ඇති බව ඕනෑ තරම් සාක්ශි ඇත , මේ ඒවාගෙන් ස්වල්පයකි . එහෙත් මරණයට පත් වී නැවත ආ කෙනෙක් ගැන සාක්ශියක් නම් නැත.


1.1 එවකට දහ අට වියේ පසුවූ ජෙනට් නම් කාන්තාවගේ අත්දැකීම 

ලේ කැටියක් නිසා ඉතාම අසීරූ තත්වයක් මත හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් වූ ඇය ,පැවසුවේ තමන් ජීවත් වේ යැයි නොසිතූ බවයි. ඇය වාට්ටුවේ ඇඳක් මත ජීවිතයත් මරණයත් අතර දැඩි සටනකින්

අනතුරුව උත්සාහය අත් හැරීමට තීරණය කරයි, වේලාව රාත්‍රී නමයට පමණ ඇත. එක මොහිතකින් ඇයට ආලෝකය වෙනස් වන බවක් දැනුනි, සැහැල්ලු හා නිස්කලන්ක බවක් දැනෙන්නට විය, පුදුමාකාරයේ සැනසීමක් දැනිනි , ශරීරයේ තිබූ දරාගත නොහැකි වේදනාවෙන් මිදී හොඳින් හුස්ම ගැනීමට හා තමන් සුව වෙමින් පවතින බවක් දැනෙන්නට විය. ශනයකින් ඇය පාවෙනවා මෙන් දැනී ශරීරයෙන් පිටතට යන්නට විය , ඇඳ මත ඇයගේ නිසල සිරුර ඇයටම දර්ශනය විය. ඇය වාට්ටුව දිගේ පාවී යන්නට විය . වාට්ටුවෙ සිටි අනික් ලෙඩුන් ඇයට සිවිලිම තරම් උසක සිට දර්ශනය විය. නැවතත් ආලෝකය වෙනස් වී තද කළු පාට පසුබිමක් දිස් විය. ඒ පසුබිම නයලක් දිගේ ගමන් කිරීමක් සේ විය , එම නලය අවසන් වන තැන සුදු පැහැති ආලෝකයක් දිස් විය, ඇයට පුදුමාකාර සැහැල්ලුවක් හා ඒ ආලෝකය දෙසට තමන් ඇදී යන බව සහ එයට යාමට ඇයට අතිශයින්ම අවශ්‍ය බව දැන්නට විය. කෙමෙන් ඇය ඒ එලියට ඇතුලු වන්නට විය, එක් නිමේශයකින් ඇයට අත්භූත කටහඩකින් මෙය ඔබේ වාරය නොවන බව පැවසීමත් සමගම ඇය නැවත ඇඳ මත ඇති ඇයගේ සිරුරේ විය, වේලාව නමයයි විස්ස ලෙස දර්ශනය විය. සියල්ල නිස්කලංක ලෙස ඇයට දැනුනි. මෙය ඇගේ අත්දැකීමයි. 


1.2 රොබට් ගේ කුඩා කල අත්දැකීම

හෙයා ඩ්‍රයරයක් වතුරට වැටීම නිසා මිනිත්තු ගනනකට දැඩි විදුලි සැරක් වැදුනු රොබට් ශනයකින් කළුපාට නලයක් දිගේ සුදු පැහැති ආලෝකයක් දෙසට පාවී යන බව දැනිණි. ඒ මොහොතේ ඔහුට ඔහුගේ අනාගත බිරිඳ සහ පුත්‍රයාද දර්ශනය වී ඇත. ඔහු පවසන්නෙ වර්තමානයේ ඔහුගේ බිරිඳ සහ ඒ අවස්ථාවේ දී දුටු සිරුරු එක හා සමාන බවත් , ඒ හැඟීම් ද සමාන බවයි. මොහොතකින් ඔහුට එක් කටහඬක් ඇසිණි , ආපසු හැරී යනු ලෙස පැවසූ ඒ කටහඬ අසී ඔහු නැවත පියවි සිහියට පැමිණ ඇත. ඔහු කිහිප විටක් ජීවිත හානි කරගනිමින් ඒ ලබපු අද්දැකීම ලබන්නට උත්සහ කර ඇත. ඒ තරම්ම ඔහු ඒ අත්දැකීමට ඇලී ගැලී ඇති බව පවසයි. මුළු ජීවිතයේම ලැබුණු වචනයෙන් විස්තර කළ නොහැකි වටිනාම අවස්තාව එය බව ඔහු පවසයි.


 එහෙත් විද්‍යාවට අනුව අර්ථදැක්වීමෙදී  මොලයට යන ඔක්සිජන් ගමනාගමනය හා වෙනත් ජීවත් වීමට අත්‍යවශ්‍ය සාදක අඩු වී යන විට , මොලයේ ස්නායු පද්ධතිය මගින් පිට කරන ශ්‍රාවයන් නිසා දෑස් ඉදිරියේ සුදු පාට ආලෝකයක් වැනි යමක් දිස් වන බව පිලිගනී. Parapsychology නම් විශය මගින් මේ පිලිබඳ ගැඹුරින් අද්‍යනය කරනු ලබයි.


1.3 නදියා නම් කතගේ අත්දැකීම

ජීවිතයත් මරණයත් අතර මොහොතකින් පසුව ඉහත පෙන්වූ අද්දැකීමම ලබා ඇති බවයි. එහෙත් අන් පුත්ගලයන් මෙන් නොව ඇයට මිනිසුන්ගේ ආත්ම කතා කරන හඬ ද ඇසීමට විශ්මිත හැකියාවක් උදා විය. ඇය ඒ දැනුනු හැඟීම් නැවත දැනීමට සිතා සියදිවි නසා ගැනීමට තැත් කර ඇත. එවන් අවස්ථාවක  ඇයට දැනුනේ වයිද්‍ය වරුන් ගේ කටහඬ කෙමෙන් වියැකී යන බවක් සහ ඇය පාවී ඉහත අත්දැකීමම ලබා යම් කටහඬක් ඇයට මෙය ඔබගේ වාරය නොව , ඔබට කිරීමට තව කාර්‍ය යන් ඇති බව පවසා ඇත, නැවත විනාඩි විස්සකින් පමණ පසු තම සිරුරට ගිය බවයි. එහිදී වයිද්‍ය වරුන් විසින් ඇයි මරණයට පත් වූ බවට නිගමනය කර ඇයගෙ සිරුර සුදු රෙදි කඩකින් වසා තබා ඇත. නැවත ඇය සියදිවි හානි කරගැනීමට තැත් කර නැත.


1.4 තවත් විශ්මය ජනක අත්දැකීමක් වන්නෙ විකී නම් උපතින්ම පෙනීම නොලබපු කාන්තාවක් මාරක රිය අනතුරකට පත්වී රෝහල් ගත කළ අවස්ථාවේ, එක් මොහොතකින් ඇය තම සිරුරෙන් ඉවතට පාවී සිවිලිමේ සිට තමන්ගේ කිසිදා නොදුටු සිරුර , වයිද්‍ය වරුන් , වටපිටාව දැක ඇත. ඇය ඒ ඇය ගේම සිරුර බව වටහාගෙන ඇත්තේ ඇග අතින් ස්පර්ශ කර හදුනාගන්න ලද මුද්ද අගේ අතේ තිබීම නිසාය. නැවත ඇය ඉහත පුත්ගලයන් ලබපු අද්දැකීමම ලබා පියවි සිහියට එන විට නැවත්ත් ඇස් අන්ද භාවයට පත් වී ඇත.


1.4 එවඩ් ටබීක් නම් හෝලන්ඩ් ජාතික පුත්ගලයා හර්ද්‍යාබාදයක් නිසා රෝහල් ගත කළ අවස්තාවේ දී මෙවැනිම අත්දැකීමක් ලබා ඇත. එහිදී ඔහු එලිය කරා පාවී යන විට ඔහුගේ වම් අතේ දිලිසෙන දියමන්ති වැනි යමක් තිබී ඇත. ඒ ඔහුගේ හිත මිතුරන්ගේ මතකයන් ය . ඔහුට ඔහුගේ ජීවිතයේ ලබපු මිහිරි අමිහිරි සිද්ධීන් ආවර්ජනය විය. ඒ අතරින් හඳුනාගත නොහැකි ගැහැණු සිරුරක් සහ කුඩා ළමයෙකුගේ සිරුරක් දිස් වී ඇත , ඇය ඔහුට පවසා ඇත්තෙ තමන්ට උදව් අවශ්‍යම මොහොතේ දී ඔහු ඇයව මගහැර ඇති බවයි. පියවි සිහියට පැමිණ ටික කලෙකින් ඔහුට සොයාගත හැකි වූයේ ඒ ඔහුගේ කලින් ආදරවන්තියක වන අතර ඔහු නොදැනම ඔහුට දාව පුතෙක් ඇයට ඉපදී ඇත. එහෙත් ඔවුන් දෙදෙනාම මිය ගොස් ඇත. ඔවුන්ගේ සොහොන් කොත් ළඟට ගොස් තවමත් ඔහු තැවෙන බව ඔහු පවසයි.

ඔහුගේ බිරිඳ පවසන්නෙ ඔහු තම රෝගී හදවතේ පෙදෙස  ඇඳට තෙරපෙන ලෙස තබා ජීවිතය හානිකරගන්නට බොහෝ විට සැරසුණු බවයි, ඒ ඔහු ලබපු අත්දැකීම් නැවත ලබා ගන්නටය.


මරණය යනු සියල්ලෙ අවසානය නොව එක් අදියරක් පමණක් බව මින් වැටහෙන කාරනාවකි. පෙර භවය , මතු භවය , අනාගතය දැකීම වැනි සාමාන්‍ය මනුෂ්‍යන්ට නිපෙනෙන ලොවක් ඇති බව අපට එක හෙලාම ප්‍රතික්ෂේප කළ නොහැකි කරුනකි. බුදු දහමේද චුති සිතක් ගැන සඳහන් වෙයි. කෙනෙක්ගේ ජීවිතය හා මරණය  තමන්ටම පාලනය කර ගත හැක. නිවැරැදිව මනස පාලනයෙන් මරණය නොව මරණය ළඟා වන කාලය වෙනස් කළ හැක.


මේ ලෝකය ගැන අපි දන්නෙ අබමල් රේණුවක් තමරම් ඉතා ස්වල්පයකි. අපේ උත්සහය සැමටම දැනුම බෙදා දීමය. මෙවැනි වැදගත් විද්‍යාත්මක ලිපි ඉදිරියටත්  දැනගැනීමට අප සමග එක්වන්න. 

Legacy of SriLanka  



2 comments:

  1. This was really useful and valuable. Thank you very much for giving this sort of information.🙂👍

    ReplyDelete
  2. Appreciate your support and data given through the site.May your work get more and more better!!!

    ReplyDelete