Saturday, January 2, 2021

කෙසෙල් බෙහෙතක්ද ? රඹ ගසේ අතීතය


කෙසෙල් යනු සෑම නිවෙසකම දක්නට ඇති පලතුරකි. පලතුරක් ලෙස , පොහොරක් ලෙස ,බෙහෙතක් ලෙස , ව්‍යාංජනයක් ලෙස භාවිතා කල හැකි කෙසෙල් වල අතීතය රජ දවසටත් එහා දිවෙයි.


ඉදුණු කෙසෙල් අනුභවයෙන් තරබාරු අය කෙට්ටු වන බවත් කෙට්ටු අය තරබාරු වන බවත් බුද්ධදාස රජු විසින් රචනා කරන ලද සාරාර්ථ සංග්‍රහයේ ද සඳහන්ය. 


කෙසෙල් අතරින් විශේශ ගුණ ඇති ප්‍රභේදයකි අළු කෙසෙල්.

දේහ බලය හා ශක්තිය වඩාලන සංග්‍රාහි ගුණ සහිත එළවළුවක් මෙන්ම එහි අලය සිසිල් ගුණයෙන් යුක්ත නිසා හිසකෙස්වලට
ද ඉතාම හිතකර වේ. 
අම්ල පිත්ත (ගැස්ට්‍රයිටිස් ) දැවිලි රෝග නසන අලු කෙසෙල් කුසගිනි උපදවන්නට ක්‍රියා කරයි.

  

විටමින් C ත් ප්‍රතිඔක්සිකාරක ගුණ බොහොමයකුත් අඩංගු වන නිසාම පිළිකා තත්ත්ව පාලනයට ද ඉතා හිතකර පලතුරකි.  

වයසට යාම පාලනය කර තරුණ පෙනුම රැක ගැනීමට ඉතාම හිතකර පළතුරකි කෙසෙල් . රුධිරගත සීනි මට්ටම ස්වභාවිකවම සමනය කිරීමට උපකාරී වන පළතුරක් වන කෙසෙල් ඉදිමුම් තත්ත්වවලට ද ගුණදායකය. 

ඉහළ පෝෂණ ගුණයක් සහිත නිසාම ගර්භනී මව්වරුන්ට ද ඉතාම හිතකර වේ. කෙසෙල් ලෙලි රෝස වැනි වගාවන් සඳහා කදිම පොහොරක් ද වේ. සමේ රෝග ඇති විටත් මදුරුවන් කෘමීන් විද්ද තැන්වලටත් පිළිසුම් තැන්වලටත් පිරිසිදුව ලබා ගන්නා කෙසෙල් ලෙලි අඹරාගත් පල්පය ඉතාම කදිම ඖෂධයක් වේ.

අත කැපුණු විට , සුළු තුවාල වලට , පිලිස්සුම් වලට කෙසෙල් ගසේ පොත්තේ කලු පාට කොටස් හූරා ඒ සුඹුටු තුවාලය මත තබා ජලය නොයන ලෙස තැබීමෙන් ඉක්මනින්ම සුව වේ.

ඉහල පොටෑසියම් ප්‍රමාණයක් අඩංගු නිසා වකුගඩු රෝගීන්ට එතරම් හිතකර පලතුරක් නම් නොවේ. සෙම ඇති අයටද රාත්‍රී කාලයෙ කෙසෙල් නොදිය යුතුය.

No comments:

Post a Comment