Saturday, February 6, 2021

මනසේ බලය - Power of Thoughts






මනස හෝ මොළය යනු මිනිසා සතු ප්‍රභලතම අංගයයි .


 

මිනිසාගෙ අතීතය වර්තමානය හා අනාගතය නිර්මාණය කරන්නෙ මනසයි.
මනෝ පුබ්බං ගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පදුට්ඨෙන - භාසතිවා කරෝතිවා
තතෝ නං දුක්ඛ මං වෙති - චක්කංච වහතෝ පදං

තේරුම :-
සියලු දේටම මුල් වන්නේ සිතයි. සිතම ශ්‍රේෂ්ඨ වෙයි. සිතින්ම හට ගනියි. සිත නරක කරගෙන යමක් කී විට හෝ කලවිට එයින් ලැබෙන දුක් විපාක හරකෙකු පසුපස එන කරත්ත රෝදය මෙන් ඔහු පසු පස හඹා එයි.

බුද්ධ දේශනාවට අනුව ගත් විටද සියල්ලට සිත හා සිතුවිලි මුල් වන බව මනාව වටහාගත හැක. එහෙත් අවාසනාවට මෙය අවබෝධ කරගෙන ඇත්තේ සියයට අනූවකටත් වඩා අඩු සංඛ්‍යාවකි.
ඇමරිකාව වැනි දියුණු රටවල් මෙම මාතෘකාව පිලිබඳ නොයේකුත් පරීක්ෂණ පවත්වමින් සිටී.
එහි එක් ප්‍රතිඵලයක් වන්නේ මනසින් ලෙඩ සුව කිරීම ගැන විද්‍යාත්මකව ඔප්පු කිරීමට හැකි වීමය.

• එකම රෝගී තත්වයකින් පෙලෙන රෝගීන් A සහ B ලෙස කණ්ඩායම් දෙකකට බෙදා එක් කණ්ඩායමකට FDA වෙතින් පිලිගත් ඖෂධ පෙති ලබා දී තිබූ අතර අනෙක් කණ්ඩායමට සීනි වලින් නිශ්පාදිත ව්‍යාජ්‍ය බෙහෙත් පෙති ලබා දී තිබිනි. විශ්මයජනක ලෙස කණ්ඩායම් දෙකම පූර්ණ සුවය ලැබීය.
මෙය මුල් වන්නෙ Placebo Effect ( ප්ලැසීබෝ එෆෙක්ට් ) නම් මනසේ ගැබ් වී ඇති සිතුවිල්ල සත්‍යක් බවට පත්වීමේ සංසිද්ධිය යි.
A කණ්ඩායම සහ B කණ්ඩායම දෙකම ඉතා අධිෂ්ඨානයකින් යුතුව තමන්ට ලැබුණු ඖෂධ වලින් තමන් සුවපත් වන බව විශ්වාස කළේය.
මනසේ ගැබ් ගත් ඒ සිතුවිල්ල සත්‍යක් බවට පත් විය.

• New England Journal Of Medicine යන ඉංග්‍රීසි පුවත් පතේ මෙවැනි විද්‍යාත්මක පරීක්ෂණක් ගැන සඳහන් විය.
එක හා සමාන කකුලේ දනහිසේ ආබාධයක් සහිත පාර්ශවයන් දෙකක් සැත්කමකට භාජනය විය. එහි එක් පාර්ශවයකට සත්‍ය ලෙස සැත්කමක් සිදු කර ඇති අතර අනෙක් පාර්ශවයට පවුලේ අනුමැතිය අනුව ව්‍යාජ්‍ය සැත්කමක් කෙරිනි. විශ්මයජනක ලෙස පාර්ශව දෙකටම සැත්කම සාර්ථක විය.

• දෙවන ලෝක යුධ සමයේ වයිද්‍ය වරයකු වූ හෙන්‍රි බීචර් තුවාල වූ සොල්දාදුවකු ලුණු හා වතුර මිශ්‍ර කර ඔහුට එය වේදනා නාශකයක් යැයි ඒත්තු ගන්වා කිසිදු වේදනා නාශකයක් නොමැතිව සැත්කමක් සිදු කර ඇත. ඔහු පවසන්නෙ උණ හෙම්බිරිස්සාව සිට වෙඩි උණ්ඩ තුවාල දක්වා ලෙඩ රෝග මනසින් සුව කර හැකි බවයි.

විද්‍යාත්මක පරීක්ෂණයන්ට අනුව ඖෂධ හා සැත්කම් 1/3 සාර්ථක වන්නේ Placebo Effect නම් මනසේ සිතුවිලි සත්‍යක් බවට පත් වන සංසිද්ධිය නිසා බව සොයාගෙන ඇත.
එහෙත් මෙහි තවත් පැත්තක් ඇත ,
එය no cebo effect නම් ප්ලැසීබෝ එෆෙක්ට් හී විරුද්ධ සංසිද්ධියයි.
එය අපි කිසියම් ප්‍රතිකාරයක් අපට සුව නොදෙන බව විශ්වාස කළහොත් එමගින් කිසිදු සුවයක් නොලැබීමය.

• අපේ අභ්‍යන්තර මනසේ ගැබ් බන දෑ වලට අපේ ජීවිතයට බලපෑම් කිරීමට හැකිය. උදාහරණයක් ලෙස ඔබ කැමතිම ලබා ගැනීමට ආසා කරන වාහනයක් ගැන දින දෙකක් වැනි කාලයක් හැකිතරම් වෙලා මනසින් සිතා පින්තූර නරඹා මනසට කාවද්දාගත හොත් මහපාරේ යන විටද වෙනදා දැක්කත් නිරීක්ෂණයට හසු නොවුනු ඔබ කැමති මාදිලියේ වාහන ඔබට දැකගත හැකි වනු ඇත , නැතහිත් රූපවාහිනීයේ හෝ වෙනත් මාධ්‍යකින් එවැනි රථ ඔබට දර්ශනය වනු ඇත. මෙය මනසේ බලය පිළිබඳ සැක හැර දැනගැනීමට හැකි වන සරළ පරීක්ෂණයකි.




මේ ලෝකය ගැන අපි දන්නෙ අබමල් රේණුවක් තමරම් ඉතා ස්වල්පයකි. අපේ උත්සහය සැමටම දැනුම බෙදා දීමය. මෙවැනි වැදගත් විද්‍යාත්මක ලිපි ඉදිරියටත් දැනගැනීමට අප සමග එක්වන්න.
Legacy of SriLanka


No comments:

Post a Comment