Wednesday, March 31, 2021

යක්ශයන් හා යකදුරන් - Exorcism -විද්‍යාත්මක පැතිකඩ 1




මළගිය
ප්‍රාණකාරයින් සහ සැනසීමක් නොමැති ආත්ම ජීවත්වසිටින මිනිසුන් හට බලපෑම් කිරීම පිළිබඳ පුවත් , කතාන්දර හා කටකතා බොහොමයක් අතීතයේ සිට අප රටේ තිබිණි. 

මේනිසාම විවිද බලි තොවිල් , ශාන්තිකර්ම , පුදපූජා වැනි දේවල් සුලබ වශයෙන් තිබිණි. යක්කු බැඳගෙන වැඩගත් ඇත්තෝ පිලිබඳ කතාද ගම්දනව් වල සුලබ විය... මෙම විශයටම පලපුරුදු ගුරුන්නාන්සේ වරු හා කපු මහතුන්ද සිටී. 

මෙහි විද්‍යාත්මක සත්‍යක් ඇත්දැයි සොයා බැලීමක ප්‍රතිඵල ඔබ හමුවේ මෙසේ සටහන් කලෙමු.

රෝමයෙ වතිකාන් හී කතෝලික පියතුමලා exorcist කෙනෙක් හෝ යකදුරකු වශයෙන් විශේශ පුහුණුවක් දෙනු ලබයි. ඔවුන් හට වසරකට දහසකට පමණ අධික මෙවැනි යක්ශ ආවේශවීම්  පිළිබඳ වාර්තා වේ.

ලංකාවෙ ස්තෝත්‍ර / පිරිත් / බලි තොවිල් සිද්ධ කරනවා මෙන්ම ඒ ඒ රටවල් වල ඒ ඒ භාශාවන්ගෙන් නොයෙකුත් ශුද්ධ වූ පොත් හා ස්ථාන මූලිගකරගෙන ප්‍රතිකර්ම කරයි. 

බොහෝ දෙනෙකු මේවා විශ්වාස නොකරන්නෙ ඇසින් නොදුටු නිසාය. එහෙත් එක් රෝහලක කාර්‍ය මණ්ඩලයක් ඇඟ කිලිපොළා යන සිද්ධියකට මුහුණ දී ඇත. වයස හතක කුඩා දරුවකු එකවරම ගොරවන්නට පටන් ගෙන ඇති අතර ඔහුගේ ඇස් හිස පිටුපසට කරකැවී ඇත . එ සමගම ඔහුගේ සොයුරා කාමරේ බිත්ති දිගේ ඉහලට ඇවිද ගොස් බිමට වැටී ඇත. 

තවත් නිවසක මෙවැනි ආවේශවීමකට ලක් වූ කාන්තාවක් පවසන්නෙ ඇයගේ නිවසේ අත්භූත ශබ්ද , විදුලි පහන නිවී දැල්වීම , ගෘහ භාණ්ඩ පාවීම වැනි දෑ සිදු වූ අතර නිවසේ අසාමාන්‍ය පා සටහන් ද ඇතු බූ බවයි. 

මෙවැනි සිද්ධි වටා ගොඩනැගුනු චිත්‍රපට ද බොහෝමයක් ඇත.

Exorcism of Emily Rose , The Exorcist , The mummy....

මේ අතරින් බොහෝමයක් සත්‍ය සිද්ධි වටා ගොඩනැගී ඇත.

බටහිර රටවල අමනුෂ්‍යයන් " යක්ශයා " ලෙස හඳුන්වයි . එහෙත් ලාංකාවෙ යක්ශයින් බොහෝමයක් ඇත. 

මහසොහොන් යක්ශයා ඉන් ප්‍ර‍ධානය. වෙල් අයින් වල හා කැලෑවල් වල මැරී වැටී ඇති මිනිසුන්ගෙ පිටේ නිල් පාට අත් පහරක සලකුනක් ඇතිනම් ඒ මහසෝනාගෙ පහරදීමකින් සිදුවූවක් බව විශ්වාසයක් ඇත. 

තවත් ගුප්ත ක්‍රමවේද මගින් ලෙඩ සුව කරන කතා ද බොහෝ අසා ඇත. 

රීරි යකා, මළ යකා , ප්‍රේතයන් වැනි බොහෝ දෑ දකුණු ඉන්දියානු සංකල්ප බවද මතයක් පවතී...තවද යකුන්ට ප්‍රේතයින්ට හොඳ මානසික මට්ටමක ඉන්නා අයට කිසිවක් කිරීමට නොහැකි බව පැවසේ....

සාමාන්‍ය පුද්ගලයකුගේ ශරීරයෙන් 90 Hz පමණ කිරණ ශක්තියක් විහිදුවයි. භාවනාවක යෙදීමෙන් එය තුන්සිය ගනනකට පමණ වැඩිවන බව පැවසේ. එසේනම් කුමක් හෝ දෝශයක් අප සිරුරට ඇතුල්වීම යම් ශක්ති ප්‍රභේදයක් ලෙස සිදුවිය හැකිය. මිනිසාගෙ සිතද ශක්තියකි, මියගිය පසු එය තවස් ජීවිතයකට යයි. ප්‍රේතයන් ලෙසද අඩු ශක්ති ප්‍රමාණයක ජීවීන් බිහිවෙයි. එසේනම් එවැනි ජීවීන්ට ඕරා වලල්ල දුර්වල වී මිනිසෙකුට ඇතුලු වී සිතුවිලි වෙනස් කිරීමට හැකි බවද සිතිය හැක. පිරිත් දේශනාවකදී සමාදිගතවූ සිතකින් ඉහල ශක්ති ප්‍රමාණයක් විහිදුවන හෙයින් මෙවැනි අමනුශ්‍ය ශක්තීන් සිරුරෙන් ඈත් වන බව සිතිය හැක. 




මෙවනි ගුප්ත දෑ පිලිබඳ Parapsychology - අධිමනෝවිද්‍යාව යටතේ වැඩිදුර පරීක්ෂණ සිදුවෙයි...



නුදුරු අනාගතයේ මෙවැනි මිනිස් ඇසට දර්ශනය නොවන ප්‍රේත හෝ භූත ලොකයක් ඇත්නම් ඒ පිලිබඳ විද්‍යාත්මක පැතිකඩකින් දැනගැනීමට හැකිවන බව පෙනී යයි...ඒ සඳහා විවිද යන්ත්‍රෝපකරණ ද සකස්වෙමින් පවතී. 


කෙසේවෙතත් පිරිත්, ස්තෝත්‍ර හා ජපකිරීම් මගින් අමනුෂ්‍ය ශක්තීන් එලවීම පිලිබඳ ව දෙවෙනි ලිපියකින් අපගේ පාඨකයන් හමුවට ගෙන ඒමට බලාපොරොත්තු වෙමු. 

No comments:

Post a Comment