Friday, April 2, 2021

යක්ශයන් හා යකදුරන් - Exorcism - 2



බෞද්ධ දර්ශණයට (ථේරවාද) අනුව කෙනෙක් මිය ගිය පසු එවිටම වෙනත් භවයක උප්පත්තියක් ලබයි. එලෙසම මිය යන මොහොතේ එම පුද්ගලයාට යම් යම් මතු භවය පිළිබඳ නිමිති දර්ශනය වන බවද පැවසේ. යම් කෙනෙක් මිය යාමට ප්‍රථම තමා ජීවත්ව සිටි කාලයේ යම් අයකුට වරදක් කරානම්, ඒ අයගේ රූප ඉතා විරූපී හා සිත බියගන්වන ලෙසට දර්ශනය වන බවට සාදක සහිතව ඔප්පු වී ඇත. එහෙත් මෙය මනසේ ක්‍රියාකාරීත්වයක්ද නැතිනම් කුසල් අකුසල් නිස ඇතිවන ක්‍රියාවක්දැයි ඔප්පු කිරීම තමාගෙ විශ්වාසය අනුව වෙනස් විය හැක. 


එලෙසම ඉතා බලගතු පින් දහම් රැස් කළ අයට අවසාන මොහොතේ ඉතා ප්‍රියජනක , සිත නිවෙන දීප්තිමත් ආලෝක හෝ මල් වැසි වැසීම හෝ එවන් සුභදායක නිමිති දර්ශනය වන බව පැවසේ. බොහෝ ඇත්තන් මරණ මංචකයේදී බණ ඇසීමට ප්‍රිය කරන්නේ සිත තැතිගැනීම් වලින් තොරව මතු භවයට ගමන් කිරීමට බව සිතිය හැක. 


කෙසේ හෝ මෙම ලිපිය ඒ පිළිබඳ නොවේ. මද්‍යස්තව සියලු දේ පිළිබඳ දැනුම බෙදා දීම මෙහි අරමුණයි.


යක්ශ ප්‍රේත භූත කොඨ්ඨාශ ඉන්නවානම් ඔවුන්ව අපිට ගුප්ත නොහොත් ඇසට නොපෙනෙන අසාමන්‍ය දේවල් ගනයට දැමිය හැකිය. භූතයන් හෝ සරළවම හොල්මන් වැනි දෑ පිළිබඳ බටහිර විද්‍යාවේ Paranormal, Parapsychology වැනි විශයන් යටතේ පරීක්ෂණ සිදුවෙයි. එම විශයට අනුව භූතයන් හෝ යකුන් යම් ජීවීන් කොඨ්ඨාසයක් ලෙස විග්‍රහ වෙයි. එවැනි ජීවීන් පියවි ඇසට නොපෙනෙන තරම් සියුම් ශරීර ඇත්තන් වේ. දැනට පවතින තහවුරුව වන්නෙ එවැනි සියුම් ජීවියෙක් හට මිනිස් සිරුරකට බලපෑම් කිරීමට කිසිසේත් හැකියාවක් නොමැති බවයි. කෙසේ හෝ එවැනි ජීවීන් ඉන්නා බවට thoughtograph camera (තෝටොග්‍ර්‍රාෆ් කැමරාව) නම් උපාංගයකින් ගත් චායාරූප මගින් ඔප්පු වී ඇත.



තවත් විශ්වාසයක් වන්නේ යම් අයකු මිය ගිය පසු ඒ කෙනා පාවිච්චි කළ දෑ චලනයන්ට භාජනය වන බවයි. ඉන්දියාවේ (හින්දු) සිරිතක් වන්නේ මිය ගිය අයගේ ඇඳුම් වැනි දෑ ඔහුගේ සෑයටම බහා ගිනිබත් කිරීමයි. කලාතුරකින් ඇඳි වස්ත්‍ර ඔහුගේ ලේ ඤාතියෙකුට දෙනු ලබයි. එහෙත් අවුරුද්දක් ගොස් චාරිත්‍ර ඉටු කරන තුරු එම වස්ත්‍ර නොපලඳී. මෙයට හේතුව වන්නේ මියගිය තැනැත්තාගේ ශක්ති ප්‍රමාණයෙන් බිඳක් ඔහු නිතර පාවිච්ච් කළ දෑ වල ගබඩා වී ඇති බව පැවසේ. මේ නිසා , වස්ත්‍ර පිලිස්සීම සිදුනොකළ්හොත් එම වස්ත්‍ර යම් යම් අස්වාභාවික පරිදි ක්‍රියා කළ හැකි බව ඔවුන්ගේ විශ්වාසයයි. 

මෙලොවින්  සමුගත් පුත්ගලයා නිතර පාවිච්චි කළ භාණ්ඩ යම් දිනක් යන තුරු යම් යම් අවස්තාවල ඉබේ චලනයන්ට භාජනය වන බව හින්දු යෝගීතුමකුගේ ප්‍රකාශයක සඳහන් විය. ඊට උදාහරණයක් ලෙස අපි වාහනයක් ගතහොත් එය පනගන්වා තබා ක්‍රියා විරහිත කළ පසු යම් වැඩි බලයක් යොදාගෙන ගැස්සෙමින් ක්‍රියා විරහිත වන ආකාරය ගත හැක. එලෙසම මෙම කයේ ක්‍රියාකාරීත්වය නතර වූ පසුද එලෙස වැඩි බලයක් යොදාගෙන ශක්ති ප්‍රමාණයන් ගැබ් වී තිබූ දෑ චලනයකට භාජනය වන බව සිතිය හැක.

මෙම යෝගී තුමාට අනුව ,  බොහෝ මෙවැනි ගුප්ත දෑ මිනිසුන්ගේ මනසේ ගොඩනැගුනු සිතලුවන් වේ ,  එවැනි ගුප්ත දෙයක් සෑම විටම සිදු නොවුනත් එය සිදු විය හැක. 

 

 එලෙසම යම් අයකුගේ ශරීර කොටස් (නියපොතු , හිසකෙස් ) හෝ නිතරම ශරීරයට ස්පර්ශ වන වස්ත්‍ර වැනි යමක් මගින් යම් අයකුට ගුප්ත ක්‍රම මගින් බලපෑම් කළ හැකි බව ඔවුන්ගේ විශ්වාසයයි. ශ්‍රීලංකාවේද වශී ගුරුකම් වලට හිසකෙස් හෝ වෙනත් යමක් අවශ්‍ය වන බව ඔබ අසා ඇත. මෙනිසා ඔවුන් නිතරම තමන්ට අයිති වස්ත්‍ර පිට කෙනෙකු අතට නොයාමට වගබලාගනු ලබයි. මෙයට හෙතූ ලෙස පැවසෙන්නෙ එම අංග නිතර පාවිච්චි කළ අයගේ ශක්ති ප්‍රමාණයක් ගැබ් වී තිබීම වේ.


එය එසේ සිදුවනවාද නැතිනම් ජීවත්ව සිටිනා අයගේ ඇසට එම වස්ත්‍ර නිතර දර්ශනය වීම නිසා වෙන් වූ අයගේ මතකය අවදි වී අපගෙ මනසේ කිසියම් වෙනසක් සිදුකරනවායැයිද සිතිය හැක.

 

කෙසේ වෙතත් අප කළ යුත්තේ මරණය පරලොවට තබා , වර්තමාන ජීවිත‍ය දැහැමින් කර්මානු රූපීව ගත කිරීම ය. බුද්ධ වචනයට අනුව මනස සියල්ලට මුල් වේ. 



මෙවැනි ලිපියකින් නැවත හමුවන තුරු ආයුබෝවන් ! 

No comments:

Post a Comment