Friday, January 1, 2021

මාරාන්තික පියයුරු පිළිකාව

තරුණ පිරිසට වඩා වයසට යන කාන්තාවන් පියයුරු පිළිකා වලට ගොදුරු වන ඉඩ කඩ වැඩිය.



පියයුරු පිළිකාවල දී බහුලව හමුවන රෝග ලක්ෂණ ලෙස 
පියයුරු දෙකේ අලුතින් ඇති වූ ප්‍රමාණවල වෙනසක්
•පියයුරුවල කොටසක් ඇතුළට නෙරා යාමක්
•පියයුරුවල ගැටිත්තක් ඉදිමීමක්, පියයුරුවල සමේ වෙනසක් (තන පුඩු ආශ්‍රිතව දදයක්, සමේ ඝන වීමක්, පැහැයේ වෙනසක්, ඉදිමීමක්, දොඩම් ලෙල්ලක මතුපිට වැනි ස්වභාවයක්)
•තන පුඩුව පියයුරු තුළට නෙරා යාමක් හෝ වෙනසක්
•තන පුඩුවලින් පිදුරු පැහැයෙන් හෝ ලේ පැහැයෙන් දියරයක් ශ්‍රාවය වීමක්
•පියයුරුවල අසාමන්‍ය වේදනාවක් දැක්විය හැකිය.

එහෙත් පියයුරු වල ඇති ගැටිත්තක් සෑම විටම පිළිකාවක් ම නොවේ...එහෙත් පසුකාලීනව එය පිළිකාවක් අතට හැරීමට සුළු ඉඩකඩක් ඇත.

 රජය විසින් දී ඇති පිළිකා කලින් හදුනාගැනීමෙ අත් පොත,
www.nccp.health.gov.lk › pdfsPDF
Cancer Early Detection Handbook 

පිළිකා වලින් ආරක්ෂා වීම.

   සූදුරු ,මාදුරු, උළු හාල්,කහ,එනසාල් කරාබු නැටි ,කුරුඳු, ගම්මිරිස්, සුදුළුණු වැනි කුළු බඩු වර්ග වලද  පිළිකා නාශක ගුණ අඩංගු වේ. 

ඉරමුසු, නෙල්ලි, රසකිඳ, පොල්පලා හාතාවාරිය වැනි ඖෂධීය පානයන් පිළිකා නාශක ගුණයෙන් යුතු වන අතර ප්‍රතිශක්ති ජනන  ගුණයෙන් ද යුක්තය.

දෙහි, දොඩම්, නාරං, බෙලි, කටු අනෝදා, මුද්දරප්පලම්, වැනි පලතුරු වර්ගද 

කුඩා මාළු වර්ගද, කෙදි සහිත ආහාර එනම් කොහිල, පලා වර්ග, කෙසෙල් මුව වැනි ආහාර පිළිකා නාශක ගුණයෙන් යුත් ආහාරයන්ය

සහල්වල පිළිකා සහිත බව ඇති වන්නේ එය තැම්බීමෙන් පසු යළි රත් කිරීමේදීය. වර්තමානයේ බොහෝ දෙනා ආහාරයට ගනු ලබන ෆ‍්‍රයිඞ් රයිස් යනු තම්බා යළි රත් කළ බත්ය. මේවා නිතර ආහාරයට ගැනීමෙන් පිළිකා ඇති වීමේ අවදානම වැඩි වේ.

සුදු හීනටි, කලූ හීනටි, පච්චපෙරුමාල්, කහවනු, කුරුලූතුඩ ආදී සියලූ දේශීය සහල් වර්ග වල පිළිකා නසන ගුණ ඇත.

ආහාර රසවත් කිරීම සඳහා භාවිතා කරන කහ, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, වියළි ඉඟුරු, සුදු ලූනු ආදී රසකාරකවල පිළිකා නසන ගුණ ඇත.

 තලතෙල්, මීතෙල්, ඔලිව් තෙල් පිළිකා නසන ගුණ සහිත තෙල් වර්ගය.
 
දම්පාට ගෝවා, ලීක්ස්, කැරට්, දම්පාටට හුරු රාජාල, ඉන්නල, හුලංකීරිය, කටු අල, මඤ්ඤොක්කා, තක්කාලි, කරවිල, පුහුල්, බීට්රූට්, බිම්මල්, මින්චි, මුරුංගා සහ මුරුංගා කොළ, කෙසෙල්මුව, කොහිල අල
වැනි ආහාර වල පිළිකා නසන ගුණ අඩංගු වේ.
 
 මුංඇට, කව්පි, කඩල, තල, මෙනේරි, කොල්ලූ, කුරහන්

ගොටුකොල, මුකුණුවැන්න, තෙබුකොළ, කොහිල දළු, කෝවක්කා කොළ ,සාරණ, සලාද, රතු වියලි මිරිස් 
මෙම ආහාර වර්ග ගැනීමෙන් ලේවල ඇති ඝනත්වය අඩු කරයි. ඝනත්වය අඩු වීම මගින් ශරීරයේ ලේ ගමනාගමනය නිසි ලෙස සිදු කෙරෙන අතර ලේ ඌණ තාවය නිසා යම් යම් ශරීර අවයව වල  පිලිකා සයිල ඇති වීමට ඉඩ අවම කරයි....
Sources :-  
-Article written by Dr. Wajirajeewa Sarath Kumara  
-Government Official News Portal.
-Google web

No comments:

Post a Comment