Friday, January 1, 2021

පවුල් ප්‍රශ්න වලට තුඩුදෙන ටෙලිනාට්‍ය







ශ්‍රීලංකාවේ සෑම ගෙදරකම පාහේ හවස 3-6 පමණ දකවා කුඩා ළමුන් නරඹන්නේ මොලේ පාවිච්චි කර ප්‍රශ්න විසඳනවා වෙනුවට අතින් පයින් ප්‍රශ්න විසඳන ආකාරය පෙන්වන කාටූන්‍ ය.

රාත්‍රී 7 සිට 10 ප්‍රධාන පුවත් දක්වා පවුලේ සැවොම එක්ව නරඹන්නෙ සෑම දිනම  පවුල් ප්‍රශ්න වලට මැදි වූ අයගේ නරිනාටකය

ඉතින් ලංකාවෙ නිවෙස් වල ප්‍රශ්න වලින් අඩුවක් නැත, සැමදාම ප්‍රශ්න ය.... 

අප ත්‍රාසජනක වීඩියෝ පටයක් නැරඹුවොත් ටික වේලාවක් යනතුරු අපි අමුතු විදියට හැසිරීම ඔබම අත් විඳ ඇති බව නොඅනුමානය විශේශයෙන්ම කුඩා වයසේදී. 

ඉතාම කෙටි කාලයක් නැරඹීම එවැනි බලපෑමක්  සිදු කරනවානම් දිනපතා , මාස්පතා , මුළු අවුරුද්දේ සෑම දිනකම නරඹන දෑ කොයිතරම් බලපෑමක් කළ හැකිද.....

මෙය ඇති වීමට විද්‍යාත්මක හේතූන් වන්නෙ මොලේ දිනපතා අප දකින , ආසාවෙන් නරඹන දේවල් ආකර්ෂණය කර දීමය....එය මොලේ ස්වභාවය වේ. මිනිසාගේ මූලය හෙවත් මොලය ධනාත්මක දේට වඩා රිනාත්මක දේවල් කෙටි කලකින්ම ආකර්ෂණය කර දේ. මෙය පිළිබඳ ඔනෑ තරම් පරීක්ෂණ සිදු කොට ඇත . Law of attraction , Attraction power of brain  වැනි මාතෘකා පිළිබඳව ඕනෑ තරම් සාදක අන්තර්ජාලයේ ඇත.


මොකද්ද ආවේගශීලී දේවල් නරඹන විට වෙන්නෙ ? 

 කොලොම්බියා විශ්වවිද්‍යාලයේ වයිද්‍ය ආයතනය සිදු කරන ලද පරීක්ෂණ වලින් හෙලි වන්නේ ආවේගශීලී චිත්‍රපට නැරඹීම මගින් මොලයේ ආවේගශීලි සිතුවිලි පාලනය කරන කොටස් අඩපන වීම හා මන්දගාමී කරන බවයි. 

ඒ වාගේම ඇමරිකානු විද්‍යාත්මක පරීක්ෂණක් අනුව සොයා ගෙන ඇත්තේ ප්‍රශ්න හා ආවේගශීලී චිත්‍රපටි , ටෙලිනාට්‍ය , පුවත් , වීඩියෝ පට  නැරඹීම මගින් මිනිසා ආවේගශීලියි හා තම සිතුවිලි පාලනය කරගැනීමට නොහැකි , නරක හීන දැකීම , අනිසි බිය , කෝපාදික  තැනට පත් කරන බවයි.


මොලය ක්‍රියාත්මක වන්නෙ අපි එයට ඇතුලු කරන දත්ත මතය
බුදු රජාණන්වහන්සේගේ  දේශනාවේ ඇත්තේද වපුරන බීජ ජාතියේ පමණක් ඵල නෙලාගැනීමට වන  බවයි. අපි ධනාත්මක දෑ මොලේට දර්ශනය වන්නට දුන්නොත් , සිතුවොත් , ප්‍රාර්ථනා කරොත් ජීවිතට ධනාත්මක දේවල් පමණක්ම ආකර්ෂණය වේ.


ඉතින් ශ්‍රීලංකාව පවුල් බහුතරයක් ප්‍රශ්න වලින් පිරී ඇත්තේ මිනිසුන්ගේ ම වරදිනි.

Sources :-

Columbia University Medical Center's Functional Magnetic Resonance Imaging (fMRI) Research Center.

American Academy of Pediatrics

No comments:

Post a Comment